යළි උඩට ආ වැලිගම සභාපතිගේ ඝාතනය - ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්

Report

පසුගියදා වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වෙඩි තබා ඝාතනය කළ අතර මේ මත්ද්‍රව්‍ය සහ පාතාල කල්ලි අතර සිදුවූ ගනුදෙනු හේතුවෙන් සිදුවූ මරණයක් බවට විවිධ චෝදනා එල්ල වෙමින් පවතී.

කෙසේ නමුත් මේ පිළිබඳව විමර්ශන සිදු කරන අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති මෙලෙස වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පාමින් කඩුවෙල නගර සභාවේ රාජ්ගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු හා මන්ත්‍රීවරියන් පිරිසක් කළු පටි පැළඳ ඊයේ දින (04) ප්‍රාදේශීය සභා මාසික රැස්වීමට පැමිණ විරෝධය පළ කළ බවට වාර්තාවේ.

ප්‍රාදේශීය සභාවෙන් පිටතට පැමිණ මෙම විරෝධය සිදු කළ අතර එම හේතුවෙන් පොලිසිය ඊට දැඩි ආරක්ෂාවක් සපයා තිබුණු බවට වාර්තාවේ.

උඹේ තාත්තාව මැරුවේ මමයි - අම්බලන්ගොඩ ඝාතනයේ කවුරුත් නොහිතපු සුල මුල එළියට

උඹේ තාත්තාව මැරුවේ මමයි - අම්බලන්ගොඩ ඝාතනයේ කවුරුත් නොහිතපු සුල මුල එළියට

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රජ්ගම ප්‍රාදේශීය සභාවේ පී.එච් දුලාජ් තරංග මහතා පැවසුවේ පහත ආකාරයේ අදහසකි.

"වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මහජන දිනයේදී රාජකාරි පුටුව මත මරා දැමීම අපි දැඩි ලෙස හෙළා දකිනවා.

බිහිසුණු අනතුරු රැසක් - සිව්දෙනෙක් ජීවිතක්ෂයට

බිහිසුණු අනතුරු රැසක් - සිව්දෙනෙක් ජීවිතක්ෂයට

එම ඝාතනය සම්බන්ධයෙන් මේ වනතුරු රජය සහ ආරක්ෂක අංශ නිසි ක්‍රියාමාර්ග ගෙන නෑ. අපි බල කරනවා මේ සම්බන්ධයෙන් සාධාරණය ඉටුකරන ලෙස යනුවෙන් පැවැසීය. මෙම විරෝධතාව සඳහා පො.ජ.පෙ., එ.ජා.ප., සර්වජන බලය, ස.ජ.බ. යන පක්ෂවල මන්ත්‍රිවරු එක්ව සිටියහ. ජාතික ජන බලවේගය, න.ල.නි.ප. හා ස්වාධීන මන්ත්‍රිවරු මෙම විරෝධතාවට සහභාගි නොවූ අතර හිටපු සභාපති ටී. නිමල් (න.ල.නි.ප.) මෙසේ පැවැසීය. අපි ඔය විරෝධතාවට නෑ. කළු පටි නෙවෙයි කහ පටිවත් අපි පලඳින්නේ නෑ ඒකත් ලියන්න"

පැවැසීය.

කටුකුරුන්ද වෙරළ තීරයේ සැකසහිත පාර්සලයක් - මෙන්න විස්තරය

කටුකුරුන්ද වෙරළ තීරයේ සැකසහිත පාර්සලයක් - මෙන්න විස්තරය