කටුකුරුන්ද වෙරළ තීරයේ සැකසහිත පාර්සලයක් - මෙන්න විස්තරය
කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයට අයිතිවන කටුකුරුන්ද වෙරළ තීරයට අද (05) උදෑසන මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන පාර්සලයක් ගොඩ ගසා ඇති බව වාර්තාවේ.
ඒ අනුව මෙම පාර්සලය කිලෝ දහයක පමණ බරකින් යුක්ත බවත් එය වෙරළට ගොඩ ගසා තිබියදී ඒ අසල සංචාරක හෝටලයක සේවකයෙක් මේ බව දැක තිබේ.
අදාළ ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවට වාර්තා වේ.
පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය පැමිණ එම පාර්සලය ඉදිරි විමර්ශන කටයුතු සඳහා රැගෙනගොස් තිබේ.
මෙම පාර්සලය මුහුදේ පාවී ආවේද නැතිනම් කිසියම් පුද්ගලයෙකු පැමිණ මෙම ස්ථානයේ දමා ගොස් තිබේද යන්න පිළිබඳව කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කළුතර දකුණ පොලීසිය විමර්ශන සිදුකරයි.