දෙපාර්තුමේන්තුවේ උප්පැන්න හා විවාහ සහතික වතුරේ ගිහින් - සේරම විනාසයි

Report

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ "දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් නායයෑම් සහ ගංවතුර තත්ත්වය නිසා ආපදාවට ලක් වූ පුද්ගලයින් ලක්ෂ 10කට වැඩි පිරිසකගේ උප්පැන්න සහ විවාහ ලියාපදිංචි සහතික විනාශයට ලක්ව ඇති බවයි.

මෙම පිරිසට නැවත උප්පැන්න සහ විවාහ ලියාපදිංචි සහතික ලබාදීම සඳහා ජංගම සේවා වැඩසටහන් දැනටමත් ආරම්භ කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් ශෂී දේවී ජලදීපන් පැවසුවේය. පසුගියදා ඇතිවූ මෙම ව්‍යසන තත්ත්වයට මුහුණ දුන් පුද්ගලයින් ලක්ෂ 22කට ආසන්න පිරිසකගෙන් අවම වශයෙන් මිලියනයට වැඩි පිරිසකගේ උපන්න හා විවාහ සහතික විනාශ වී ගොස් ඇති බවට එම දෙපාර්තමේන්තුව අනුමාන කර ඇත.

මහාධිකරණ භූමියේ පිපිරීමක්

මහාධිකරණ භූමියේ පිපිරීමක්

එබැවින් ආපදාවට ලක් වූ දිස්ත්‍රික්ක 22ක පුද්ගලයින්ට එක්දින කඩිනම් සේවාව යටතේ නොමිලේ මෙම ලියාපදිංචි සහතික නිකුත් කිරීම දැනටමත් ආරම්භ කර තිබේ. මෙම ජංගම සේවා වැඩසටහනට සමගාමීව නාය යෑම් හා ගංවතුරින් මියගිය සහ අතුරුදන් වුවන්ට ද ලියාපදිංචි මරණ සහතික නිකුත් කිරීමට පියවර ගනිමින් සිටියි. රජය විසින් ක්‍රියාත්මක කර ඇති "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන යටතේ ද ඇතැම් දිස්ත්‍රික්කයන්හි මෙම ජංගම සේවාව ක්‍රියාත්මක කරන බව රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරිය අවධාරණය කළා.

16 වෙනිදා සිට රටටම අවදානමක්

16 වෙනිදා සිට රටටම අවදානමක්

මෙම උප්පැන්න හා විවාහ ලියාපංචි කිරීමේ සහතික නිකුත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ලබා දෙන් අතර ඇතැම් අවස්ථාවලදී රාජ්‍ය නොවන සංවිධානයන්හි සහයෝගය ලබා උගන්නා බව රෙජිස්ට්‍රර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට මුලතිව් සහ මහනුවර දිස්ත්‍රික්කයන්හි මෙම ජංගම සේවා වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර මේ වන විට උප්පැන්න හා විවාහ ලියාපංචි සහතික නොමැති පුද්ගලයින්ගේ දත්තයන් හා තොරතුරු රැස්කිරීම දිස්ත්‍රික් නියෝජ්‍ය රේජිස්ටාර්වරුන් හරහා සිදු කරමින් ඇත. මෙහිදී උප්පැන්න හා විවාහ ලියාපංචි කිරීමේ සහතික ලබන ජනවාරිය අවසන් වීමට පෙර නිකුත් කිරීමට පියවර ගනිමින් සිටින බව රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කරයි.