උප්පැන්න නැති ළමයින්ට නොමිළේ උප්පැන්න.
Sri Lanka
Government Of Sri Lanka
Digital Birth Certificate
By Wayomi
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තුමේන්තුව දිවයින පුරා සිටින උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනාගනිමින් එම සහතිකය දරුවන්ට ලබා දීමේ වැඩසටහනක් රෙජිස්ට්‍රාල් ජනරාල් දෙපාර්තුමේන්තුවේ සහාය ඇතිව ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ, අනුව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තුමේන්තුවට අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවය කරනු ලබන ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරීන් මෙම කාර්යයේ නියැලෙනවා.
මෙහිදී ඔක්තෝම්බර් මාසය පුරා ප්‍රදේශීය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරීන් මුණගැසී උප්පැන්න සහතික ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමේ හැකියාව පවතියි.
එමෙන්ම මෙම සේවාව සඳහා කිසිදු අය කිරීමක් සිදු නොකරන බව ද එම දෙපාර්තුමේන්තු දෙක වැඩිදුරටත් පවසනවා.