නූලෙන් බේරුනු ධම්මික පෙරේරා දේශපාලන ජීවිතය ගැන හදිසි තීරණයක්.?
By Wayomi
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ධම්මික පෙරේරා දේශපාලනයෙන් සමු ගැනීමට සූදානම් වෙමින් සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඔහු පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක් ලබා ගැනීමත් සමඟ ඔහුගේ හිමිකාරීත්වයක් සහිත සමාගම් රැසක තනතුරුවලින් ඉවත් විය.
නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසු නැවතත් ඔහු එම ආයතනවල අධ්යක්ෂ තනතුරු සඳහා පත් කරමින් පවතින අතර පසුගිය ජනාධිපතිවරණයට ද අපේක්ෂකයකු ලෙස තරග කිරීමට ඔහු සූදානමින් සිටියද අවසන් මොහොතේදී එම අදහස ඔහු විසින් ඉවත් කර ගෙන ඇත.