පෘථිවියේ හුස්ම රකින්න ඉහළට ගිය අලුත් ආරක්ෂකයා....

By Hashini Apr 29, 2025 11:35 PM GMT
Report

පෘථීවියේ වනාන්තර අධ්‍යයනය කිරීම සඳහා වූ විශේෂ මෙහෙයුමක් වෙනුවෙන් Biomass නම් චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කරනු ලබනවා.

මෙවැනි වර්ගයේ චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කිරීම සිදුකරනු ලබන්නේ ද පළමුවරටයි.

ඒ, අනුව පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 666ක් ඉහළින් කක්ෂගත කරනු ලබන Biomass චන්ද්‍රිකාවේ ඇති මීටර් 12ක විශ්කම්භයෙන් යුත් ඇන්ටනාව හරහා පෘථිවියේ වනාන්තර සිතියම් ගත කිරීම සිදු කිරිමර නියමිතයි.

එමඟින් ශාක කොපමණ උසකට පවතිද මෙන්ම වනාන්තර ඝනත්වය වැනි දත්ත එක්රැස් කර ගැනීම ද සිදුවනවා.

මේ වන තෙක් පෘථිවියේ වැසි වනාන්තරවල ඇති ට්‍රිලියන 1.5ක් වන ශාක මගින් ගබඩාකරගෙන ඇති කාබන් ප්‍රමාණය ගණනය කිරීමටද නොහැකිව තිබෙනවා.

නමුත් Biomass චන්ද්‍රිකාව හරහා විද්‍යාඥයින්ට දේශගුණික විපර්යාසයන් වඩාත් නිවැරදිව ආදර්ශනය කිරීමටද හැකි අතර වන විනාශයේ අනුපාතය පිළිබඳව ද තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබෙන බවයි වාර්තා වන්නේ. 

අපි හොරු අල්ලන ප්‍රමාධ නෑ - සුනිල් වටගල

අපි හොරු අල්ලන ප්‍රමාධ නෑ - සුනිල් වටගල