ක්‍රිකට් උපනායකයා ICU යැවූ බිග් මැච් ගැටුම.

Sri Lanka
By Wayomi May 02, 2023 08:54 AM GMT
Wayomi

Wayomi

Report

කළුතර මහා විද්‍යාලයට එරෙහිව විද්‍යාලයීය මහා තරගයක් අතරතුර ඇති වූ ගැටුමකින් කළුතර තිස්ස විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ උපනායකයා හිසට බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Maggona Surrey ක්‍රීඩාංගනයේ ඊයේ පැවති පාසල් දෙක අතර ක්‍රිකට් තරඟය අවසානයේ සිසුන් අතර ගැටුමක් හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අවසන් පන්දුවාරයේදී කළුතර මහා විද්‍යාලය ජයග්‍රහණය කිරීමත් සමඟ මෙම ගැටුම හටගෙන ඇති අතර එහිදී පාසල් දෙකේම සිසුන් ක්‍රීඩාංගනයට ඇතුළුවීම හේතුවෙන් ගැටුමක් හටගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ, එම අවස්ථාවේදී පහරදීමේ සිද්ධියක් වාර්තා වී නොමැති අතර, ක්‍රීඩාංගණයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් ගැටුම මැඩපැවැත්වීමට සමත් වූ බවයි.

කෙසේ වෙතත්, තම පුතාට විරුද්ධ පාසලේ සිසුන් පිරිසක් පහර දුන් බවත්, තම දරුවා රෝහල් ගත කර ඇති බවත් පවසමින් සිසුවෙකුගේ මවක් පයාගල පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සිසුන් හඳුනාගෙන ඇති අතර, පැමිණිල්ල සම්බන්ධයෙන් පයාගල පොලිසිය ද පරීක්ෂණ පවත්වන බවයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW