හිස්බුල්ලාගෙන් ඊශ්‍රායල හමුදාවලට මිසයිල ප්‍රහාරයක් - යුද්ධය මාස ගාණක් ඇදෙන බව ආරංචියක්
හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායල හමුදාවලට මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
හිස්බුල්ලා සංවිධානය පවසා සිටින්නේ දකුණු ලෙබනනයේ මර්කබා (Markaba) නගරය දෙසට එමින් සිටි ඊශ්‍රායල හමුදා කණ්ඩායමකට තමන් මිසයිල ප්‍රහාර එල්ලකළ බවයි.
කොළඹ වරාය යුධ පිටියක් වෙන ලකුණු? ලෝකයේම ඇස් කොළඹ වරායට - ඉරානයේ දෙවෙනි යුධ නැවත් ලංවෙයි - ඇතුළට එන්න අවසර දුන්නොත්නම් ලංකාවත් ඉවරයි
මීට අමතරව බ්‍රිතාන්‍යයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත්තේ ඉරාන අර්බුදය මාස ගණනාවක් පැවතිය හැකි බවයි. බ්‍රිතාන්‍යයේ මැදපෙරදිග කටයුතු පිළිබඳ අමාත්‍ය හැමිෂ් ෆෝල්කනර් (Hamish Falconer) එරට පාර්ලිමේන්තුවේදී මෙසේ පවසා ඇත.
දැනට පවතින ඉරාන අර්බුදය දින කිහිපයකින් අවසන් වන්නක් නොව, එය සති ගණනාවක් හෝ ඇතැම් විට මාස ගණනාවක් පුරා ඇදී යා හැකි බවට සලකුණු පෙනෙන්නට තිබෙන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.