මේ වාහන ආනයනය සම්බන්ධයෙන් සුබ ආරංචියක් - වාහන 835ක් ලංකාවට
ශ්‍රී ලංකාවේ BYD වාහන බලයලත් බෙදාහරින්නා වූ John Keells CG Auto සමාගම BYD ATTO 1 මාදිලියේ රථ 835ක් මෙරටට ගෙන්වා ඇති බව නිවේදනය කර තිබේ.
මෙය මෙරටට එළිදැක්වූ පසුව ලබාගත් විශාලතම තනි වාහන තොගයක් වන අතර, පාරිභෝගික ඇණවුම් සඳහා වාහන බෙදාහැරීමේ කටයුතුද සූදානම් කර ඇත.
BYD ATTO 1 2025 නොවැම්බර් මාසයේ කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනයේදී නිල වශයෙන් හඳුන්වා දුන් පසු, ශ්‍රී ලාංකික ජනතාව අතර දැඩි උනන්දුවක් ඇති වී තිබේ.
මෙය පූර්ණ විද්‍යුත් (Fully Electric) හච්බැක් වාහනයක් ලෙස, අඩු මිලකින් උසස් තත්ත්වයේ නව බලශක්ති වාහන (NEV) අත්විඳීමට පුළුවන් වේ.
මෙම රථයේ BYD ‘Blade Battery’ තාක්ෂණය නිසා එක් වරක් ආරෝපණය කිරීමෙන් කිලෝමීටර් 300ක් ධාවනය කළ හැකි අතර, තරු 5ක ANCAP ආරක්ෂක ශ්‍රේණිගත කිරීමද ලබා ඇත.
ඉහළ ඉල්ලුම සලකා බැලූ JKCG Auto සමාගම මෙම වාර්තාගත වාහන තොගය කඩිනමින් ගෙන්වීමට පියවර ගෙන තිබේ. John Keells CG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න සඳහන් කළේ,
"ATTO 1 රථය සඳහා ලැබුණු ප්‍රතිචාරය අසාමාන්‍යයි. නිසි තාක්ෂණයෙන් යුත් ගුණාත්මක නිෂ්පාදනයක් නිවැරදි මිලකට වෙළඳපොළට ඉදිරිපත් කළහොත් ශ්‍රී ලාංකිකයන් නව බලශක්ති වාහන (NEVs) වැළඳ ගැනීමට සූදානම් බව පැහැදිලි වේ."
යනුවෙනි.