ලංකා ඉතිහාසයේ පළමු වතාවට මධ්‍යම අධිවේගයේ පාපැදි 125ක් යයි.

Sri Lanka Namal Rajapakshe Bicycles on the Central Expressway for the first time
By Aruna Jan 14, 2022 06:05 AM GMT
Aruna

Aruna

Report

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කිරීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වන කාණ්ඩ තුනකින් සමන්විත පාපැදි තරගාවලිය අද (14 වැනිදා) ආරම්භ කෙරුණා.

රටේ සංවර්ධන ක්‍රියාවලියට සමගාමීව ක්‍රීඩාවේ ජවය යාවත්කාලීන කිරීමේ අරමුණ ඇතිව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ සංකල්පයකට අනුව මෙම පාපැදි ශූරතාව පැවැත්වේ.

ජාතික හා අන්තර්ජාතික තරග නීති රීතිවලට සහ කොවිඩ් මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්වෙන මෙම පාපැදි තරගාවලියේ මුඵ දුර ප්‍රමාණය කි.මි. 80කි.

සුපිරි සහ වයස අවුරුදු 23න් පහළ පිරිමි කාණ්ඩය, කනිෂ්ඨ පිරිමි කාණ්ඩය සහ සුපිරි කාන්තා තරගය ලෙස කාණ්ඩ කිහිපයක් යටතේ තරගාවලිය ක්‍රියාත්මක වේ.

ත්‍රිවිධ හමුදාව, වරාය අධිකාරිය, දෙහිවල ගල්කිස්ස නගර සභාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු පාපැදි ක්‍රීඩා සමාජ 30කට ආසන්න සංඛ්‍යාවක් මෙම තරගාවලිය නියෝජනය කරයි.

සුපිරි සහ 23න් පහළ පිරිමි කාණ්ඩයේ තරගය පෙ.ව. 8.30ට ආරම්භ වූ අතර කනිෂ්ඨ පිරිමි කාණ්ඩය සහ සුපිරි කාන්තා තරගය පෙ.ව. 8.40ට ආරම්භ වුණා.

මෙම තරගය අධිවේගී මාර්ගයේ මීරිගම අන්තර් හුවමාරුව අසලින් ආරම්භ වන අතර අධිවේගී මාර්ගය ඔස්සේ යග්ගපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානය දක්වා ගොස් එතනින් හරවා නැවතත් එම මාර්ගය ඔස්සේ මීරිගම අන්තර් හුවමාරුව අසලින් තරග නිමාව සනිටුහන් කරනවා.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ බලපත්‍රලාභී පාපැදි ක්‍රීඩකයන් 125 දෙනෙකුට අධික පිරිසක් මේ සඳහා තරග කිරීමට නියමිතව තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha