කටුනායක ගුවන්තොටුපොළ ගැන සුභ ආරංචියක්

Report

ශ්‍රී ලංකා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ පළමු මාස 08 තුළ ගුවන් මගීන් හැසිරවීම සියයට 14 කින් වර්ධනය වී ඇති බව වාර්තා වේ.

2024 වසරේ පළමු මාස 08 තුළ ගුවන් මගීන් 58 37 351 දෙනෙකු හසුරුවා ඇති අතර 2025 වර්ෂයේ පළමු මාස 08 තුළ මගීන් 66 30 728 ක් හසුරුවා ඇති බව වාර්තා වේ.

අතිශය දරුණු ගුවන් අනතුරක් කටුනායක අත්වැරැද්දක්? නූලෙන් බේරේ

අතිශය දරුණු ගුවන් අනතුරක් කටුනායක අත්වැරැද්දක්? නූලෙන් බේරේ

එම සංඛ්‍යාව 2024 වසරේ පළමු මාස 08 ට සාපේක්ෂව සියයට 13.59 ක වර්ධනයක් බව දත්ත තොරතුරු මත පෙනී යයි.

2025 වසරේ පළමු මාස 08 තුළ වැඩිම මගී පිරිසක් හසුරුවා ඇත්තේ අගෝස්තු මාසයේ වන අතර එම අගය 922 993 ක් බව වාර්තා වේ.

ඉදිරි සංචාරක සමය ආරම්භ වීමත් සමඟම නව ගුවන් ගමන් වාර සඳහා ඇති ඉල්ලුම ඉහල ගොස් ඇති අතර ඉදිරි සංචාරක සමය තුළ ද සංචාරක පැමිණීමේ වර්ධනයක් බලාපොරොත්තු වන බව ගුවන්තොටුපොළ සහ ගුවන්‍ සේවා සමාගම පවසයි.

ගුවන්තොටුපළ වහයි - බිරින්දෑවරුන් 15යි ළමයි 30යි එක්ක ඇවිත්

ගුවන්තොටුපළ වහයි - බිරින්දෑවරුන් 15යි ළමයි 30යි එක්ක ඇවිත්