මාසයෙන් දනිස ලගට කොන්ඩේ වවන බුලත් සත්කාරය
අකලට හිසකෙස් පැසීම සහ වැටීමහ්තුවෙන් බොහෝ කාන්තාවෝ බොහෝ අසපහනයට පත්වෙති . වැඩිහිටි කාන්තාවන් මතුනොව පාසැල් වියේ දියණියෝද හිසකෙස් වැටීමේ හා හිසකෙස් පැසිමේ ගැටලූුවටනිසා පීඩාවට පත්වෙති . මීට බලපාන හේතු සාධක කිහිපයකි .මේ අතර පරම්පරාවෙන් පරම්පරාවට දායාද වන පීනස් රෝගී තත්ත්වය ඉන් එකකි. වායු සමීකරණය කරන ලද කාමර වල වැඩි කාලයක් රැකියාවේ යෙදී සිටීම, නිරතුරුව ඇතිවන හිසරදයට ප්රතිකාර නොගැනීම ,රාති්ර කාලයේදී පුරුද්දක් ලෙස ස්නානය කිරීම ,විස සහිත ආහාර පාන ගැනීම ,හිසට ගල්වන තෙල් වරින්වර මාරු කිරීම ,හිසකෙස් උණුසුම් කිරිම පිළිස්සීම ,අව්වේ සිටීම ආදී බාහිර වශයෙන් හිසට හා කෙස්වලට සිදුවන තුවාල ආදීයද ඔබේ කෙස් කළඹේ නීරෝගිමත් බව නසාලයි.මේ කරුණු මත හිසකෙස් ගැලවීම හිසකෙස් මුලට හානි පැමිණවීම හිස වියළී යාම හිසකෙස් දුර්වර්ණ වීම හිසකෙස් පැසීම සිදුවේ .
හිසකෙස්වල වර්ධනය හා පැවැත්ම එක්තරා කාලයකට සීමාවේ . කෙස් ගසක් වසර 2 සිට 5 දක්වා කාලයක් පවතින අතර ඉන්පසුව හැලීයාම සිදුවේ . ඒ වෙනුවට අලූතින් කෙස් ගසක් වර්ධනය වේ . ගැලවී යන කෙස් ප්රමාණයට සරිලන සේ අලුතින් කෙස් ගස් වර්ධනය නොවුනහොත් හිසකෙස් ප්රමාණයෙන් අඩුවන අතර තට්ටය පෑදීමද සිදුවේ . හිසකෙස් මනා ලෙස පවත්වාගෙන යාමට හිසකෙස් පිරිසිදුව තබා ගැනීම ,හිසෙහි සමට මනා පෝෂණයක් ලබාදිම ,හිසෙහි තෙතමනය රඳා පවත්වා ගැනීම ,හිසකෙස් වල රැුඳි ඇති දූවිලි කුණු ඉවත් කිරිම ,හිසට රුධිර යහපත් සම්පාදනයක්ලබා දෙනුවස් හිස නිවැරදිව සම්බහානය කිරීම. උකුුණන් බෝවීම වළක්වා ගැනීම, පිරිසිදු පනාවකින් හිස පීරීම හා හිසකෙස් අවුල් හැර ගැනීම මෙන්ම තමන් පාවිච්චි කරන තුවාය පමණක් පාවිච්චි කිරිම හා එය වෙනත් අයට පාවිච්චි කිරීමට නොදීම සමබර ආහාර වේලක් ගැනීම හා දිනපතා හිස සෝදා ස්නානය කිරීම වැදගත්ය. .හිසකෙස් සේදීමට හා හිසකෙස්වල ආලේප කිරීම සඳහා ශාකසාර අඩංගු ප්ර්රතිකර්ම පෙරදිග කාන්තාවෝ කලක සිට භාවිතා කළහ. එවන් ශාක සාර ප්රතිකාර අතර කෝමාරිකා මදය හා බිත්තර සුදුමදය හොඳින් ගසා ආලේප කිරීම ,කෝමාරිකා කොළ ඉස්ම දෙහි ඇඹුල් පොල්කිරි සමඟ අව්වේ කකාරා ආලේප කිරීම , නිල් අවරිය කොළ කොටාගෙන යුෂ හිසෙහි ආලේප කිරීම ,අරලූ තිප්පිලි
අවරිය කොළ සහල් කැඳ සමඟ අඹරා ආලේප කිරීම ,දුම්මැල්ල කොළ ඇල්දියෙන් අඹරා ආලේප කිරීම ,පොකුරු වදමල් ඇල්දියෙන් අඹරා ආලේප කිරීම ,නික කොළ තැම්බූ වතුරෙන් හිස සේදීම ,පොකුරු වදමල් ගොඩපර තැම්බූ වතුරෙන් හිස සේදීම මෙන් ම වෙනිවැල් ගැට දෙහිකොළ නෙල්ලි තැම්බූ වතුරෙන් හිස සේදීම ද වෙයි. මෙවැනි ශාකසාර ආලේපන ගල්වා පැය 1 කට පමණ පසුව ස්නානය කිරීම වඩාත් සුදුසුය
. නීරෝගි කෙස් කළඹක් සඳහා හිස ගල්වන තෙල් වැදගත් තැනක් ගනී. හිස ගැල්වීම සඳහා නිවසේදී ම සකස් කරගත හැකි තෙල්වර්ග කිිහිපයකි . කරපිංචා කොටා මිරිකාගත් යුෂ තලතෙලට දමා සිඳගෙන හිසේ ආලේප කිරීම සරළ එහෙත් ඵලදායි ක්රියාවකි.ඊට අමතරව මුකුණුවැන්න දඬු ,බුලත් දලූ ,ගොටුකොළ දඬු ,අරූද කොළ, කීකිරිදිය දලූ ,කලාඳුරු ,රතුඵෑනු සියල්ල ගෙන කොටා එය තලතෙලට දමා තෙල් සිදුවා හිස ගැල්වීම මගින්ද අලංකාර කෙස් කළඹක් ලබාගත හැක. .නිල් අවරිය කොළ සහ කීකිරිඳිය ගස සහ මුලින් ගෙන කොටා තලතෙලට දමා තෙල් සිදුවා ආලේප කිරීමද හිස් කබලට මෙන්ම කෙස් වැටියටද ගුණදායකය. නික කොළ කොටාගත් යුෂ තලතෙට දමා සිදුවාගත් තෙල් හිස ගැල්වීමද යහපත් ය .
හිසකෙස් යාම හිසකෙස් පැසීම මෙන්ම හිස් හොරි නිසාද කාන්තාවෝ බොහෝ සේ මානසිකව පීඩා විදිති . සමේ සෛල අධික ලෙස ඉවත් වීම හිස්සොරි යනුවෙන් හදුන්වයි . මෙය සමේ රෝගයකි . එමෙන් ම මෙය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවේ . හිස්සොරි ඇති කෙනෙකු මේ සඳහා ප්රතිකාර ගන්නා අතරේ තමාගේ පිරිසිදු කම ගැන ද අවධානය යොමුකළ යුතුය . හිස්හොරි වැළඳුන කෙනෙකු හිස සේදීම සඳහා සබන් පාවිච්චි නොකළ යුතුය . එයින් හිසේ සම වියැළීම වැඩිවේ . මේ සඳහා ශාක සාර අඩංගු ෂැම්පූ පාවිච්චි කළ හැකි අතර එසේ නොමැතිනම් නිවසේදී සාදාගත හැකි ශාක සාර අඩංගු අත් බෙහෙතක් සකස් කර හිසේ ගැල්විය යුතුය .හිස්සොරි ඇති ස්ථානයන්ගේ හිසකෙස් තුනීවෙන අතර ඒවා ඉක්මනින් ගැලවී යනු ඇත . එම නිසා මේ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතු බව මතක තබාගන්න . ආයුර්වේදයේ සඳහන් වන පරිදි හිස්හොරි යනු දිලීර විශේෂයක් ලෙසට හැඳින්වේ . මෙහි ඇති විශේෂත්වය උකුණන් බොවුණාක් මෙන් හිස කැසීමයි . හිස්සොරි වැළඳුන කෙනෙකු තමන්ගේ පනාව තුවාය කොට්ට උරය දිනපතා ම සෝදා පිරිසිදු කර ගත යුතු අතර විෂබීජ නාශකයක් යොදා පිරිසිදු කරගන්නවානම් වඩාත් සුදුසුය .
හිස්සොරි සඳහා ප්රතිකාර ලෙස මඳ රස්නය ඇති උණුවතුරෙන් හිස සෝදන්න. සබන් පාවිච්චියෙන් වැළකී දිනපතා ස්නානය කරන්න. ස්නානය කරන විට හිස පහතට හරවා හිස පමණක් සෝදාහරින්න. එම ජලය සිරුරට නොවැටෙන්න ඉඩ හරින්න. එවැනි ජලය සම මත වැටීමෙන් සමේ අසාදන ඇතිවිය හැක.
විශේෂයෙන් මේ ගැන කාන්තාවන් මේ ගැන සැලකිලිමත් විය යුතුය .මන්ද යත් හිසොරි සහිත ජලය යෝනි ප්රදේශයේ තැවරීමෙන් එහි කැසීම් හටගත හැක. ඊට අමතරව නෙල්ලි තම්බාගත් වතුරෙන් දෙසතියකට වරක් හිසසෙදීම,. දෙහිගැට පෙති ගසා උඵහාල් සමඟ තම්බා ස්නානයට පැය භාගයකට පමණ පෙර හිසෙහි ගැල්වීම,. මෙන්ම හිස්සොරි සඳහා හොඳින් ඉදුණු තක්කාලි හිසෙහි තවරා පැයක් පමණ හිස සෝදාහැරීමද හොඳ ප්රතිකාරයකි.. මීකිරි සහ යෝගට් මේස හැඳි දෙකක්, ලෙමන් යුෂ මේස හැඳි 1ක්, තක්කාලි යුෂ මේස හැඳි 1 ක්, වියළි ඉගුරු කුඩු තේ හැඳි 1 ක්, බිත්තර සුදුමදය සමඟ කලවම් කර හිස්කබලේ ගල්වා ඇඟිලි තුඩුවලින් පිරිමැද . විනාඩි 25 කට පමණ පසුව හිස සේදීමද හිසොරි සදහා හොඳ ප්රතිකාරයකි. හිස්සොරි උරහිස මතට නළලට මුහුණට වැටීම නිසා එම ස්ථානයන්හි කුඩා බිබිලි ඇතිවීමට ඉඩ තිබේ. එම නිසා හිස පීරන විට සිරුරට නොවැටෙන සේ පීරන්න.හිසට නිවැරදි ලෙස තෙල් සම්බාහනයක් කරගන්නා ආකාරයද කාන්තාවන් දැනුවත්වීම වැදගත්ය .
මේ සඳහා පොල්තෙල් හෝ තැඹිලි තෙල් ටිකක් භාජනයකට ගෙන එයට විටමින් ඊ කරල් දෙකක් කඩා දමන්න. හොඳින් කලවම් කරන්න. මෙය රත් කරන්න . ඉන්පසුව පුලූන් කෑල්ලකට තෙල් පොඟවා හිසකෙස්වලත් හිස් කබල පුරාත් ගා ගන්න. ඉන්පසුව ඇඟිලි තුඩු හිසකෙස් අතරින් හිස් කබලට ළංකොට ඉදිරිපස සිට පසුපසට ඇඟිලි තුඩු රවුමට කරකවමින් සම්බාහනය කරන්න. මේ ආකාරයට දෑතම සමාන්තරව කිහිපවරක් ඉදිරිපස නළල් තලයේ කෙළවර සිට පසුපසට ගෙන එන්න. හිසකෙස් මිට බැගින් අතමිටට ගෙන කෙස්මුල් සෙලවෙන පරිදි ඉතා සියුම්ව වටයක් කරකවන්න. පසුව උණුවතුර පොඟවා මිරිකාගත් තුවායක් ගෙන කෙස් කළඹ ආවරණය කර තබන්න. පැය 1/2 කට පසුව කන්ඩිෂනර් යොදා කෙස් සෝදා හරින්න.