අස්වැසුම පොරොත්තු ලේඛනයේ ඉන්න අයට මෙන්න වාසනාව - රු.5,000 ක මල්ල රු.2,500කට!

Report

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවගේ ජීවන වියදම අවම කිරීම සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමේ අරමුණ ඇතිව, අස්වැසුම පොරොත්තු ලේඛනයේ ඇති ලක්ෂ 08ක පවුල් සඳහා සතොස අලෙවිසැල් ඔස්සේ වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, රුපියල් 5,000/- ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු පැකේජයක් 50%ක වට්ටමක් සහිතව, එනම් රුපියල් 2,500කට ලබා ගැනීමට අවස්ථාව සැලසෙනවා.

පොල් වගාකරුවන්ට ලැබුණු සුබ ආරංචිය මෙන්න

පොල් වගාකරුවන්ට ලැබුණු සුබ ආරංචිය මෙන්න

ලංකා සතොස ආවරණය නොකරන ප්‍රදේශවල සුදුසුකම් ලත් පුද්ගලයින් සඳහා තෝරාගත් සමූපකාර අලෙවිසැල් (COOPFED) හරහා මෙම පැකේජය බෙදා හැරීමට කටයුතු යොදා තිබෙන බව සඳහන්.

දැනට අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂා කරන පවුල් අටලක්ෂ දොළොස්දහස් හත්සිය පනස් තුනකට (812,753) මෙම විශේෂ වට්ටම හිමිවනවා.

මෙම වැඩසටහන අප්‍රේල් 01 සිට ආරම්භ වී අප්‍රේල් 13 දක්වා පමණක් ක්‍රියාත්මක වන අතර, මෙම ප්‍රතිලාභය නිසි පුද්ගලයින්ට හිමිවේදැයි තහවුරු කිරීමට විධිමත් පරීක්ෂාවක් ද ක්‍රියාත්මකයි. මුදල් අමාත්‍යාංශය, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව සහ සමූපකාර අලෙවිසැල් ජාලය එක්ව “සතුටින් සතොසින්” තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නංවනවා.

මියන්මාරයේ සිටින ලාංකීකයන්ට විශේෂ දැනුම්දීමක්!

මියන්මාරයේ සිටින ලාංකීකයන්ට විශේෂ දැනුම්දීමක්!

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සමරන පළමු සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේදී, ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා ගැනීමට මෙමඟින් අවස්ථාව සැලසෙනවා.