පොල් වගාකරුවන්ට ලැබුණු සුබ ආරංචිය මෙන්න
පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන “කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්” යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීම මාර්තු 30 වැනිදා සිට අරඹන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසනවා.
රුසියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MOP පොහොර මෙට්‍රික් ටොන් 27,500ක් හා එප්පාවල රොක් පොස්පේට්, යූරියා මිශ්‍ර කර පොල් වගාව සඳහා විශේෂිත AMP පොල් පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් සකස් කිරිම රාජ්‍ය පොහොර සමාගම මේ වනවිට කටයුතු කරමින් පවතින බව අමාත්‍යාංශය පවසනවා.
මෙම පොහොර සහන මිලට ලබාදීම සහ බෙදාහැරිම සඳහා අවශ්‍ය කටයුතු පොල් වගා කිරිමේ මණ්ඩලය සහ රාජ්‍ය පොහොර සමාගම් විසින් සිදු කරමින් පවතිනවා.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න සඳහන් කළේ වෙළෙඳපලේ රුපියල් 9,000කට මිලදී ගන්නා කිලෝග්‍රෑම් 50ක පොහොර මිටිය රුපියල් 4,000ක සහන මිලකට ලබාදීමේ කටයුතු මේ මස 30 සිට වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ, පොල් වගාකිරිමේ මණ්ඩලයේ හඳපානාගල පොල් පැල තවානේදි සිදු කිරිමට සියලු කටයුතු සුදානම් කරමින් පවතින බවයි.
මෙහිදි අක්කර 5ට අඩු අක්කර 1/4ට වැඩි පොල් වගාභූමි අක්කර 350,000ක් ඇති බවට තොරතුරු පවතින බවත් පැවසු අමාත්‍යවරයා මෙමගින් විශාල පොල් වගා කරුවන් පිරිසකට ප්‍රතිලාභ හිමිවන බවද අවධාරණය කරනු ලැබුවා.
එසේම රුපියල් මිලියන 5,600ක ආයෝජනයක් මත මෙම පොහොර සහනාධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මෙම පොල් පොහොර භාවිතා කොට රටේ පොල් අවශ්‍යතාව සම්පූර්ණ කිරිම අරමුණ බවත් මෙම පොහොර යෙදිමෙන් වසර එකහමාරකට පසු අස්වැන්න වැඩි කර ගැනීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
වැඩි දුරටත් පවසා සිටියේ,පොල් වගාකරුවන් මෙම සහනාධාරය ලබා ගැනීමට පොල් වගා කිරිමේ මණ්ඩලය මඟින් සකස් කළ ඉල්ලුම් පත්‍රය පුරවා අදාල බලයලත් ආයතන වෙත ඉදිරිපත් කළ යුතු බවයි. ඉල්ලුම් පත්‍රය පොල් වගා කිරිමේ මණ්ඩලයේ https://coconutsrilanka.lk නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව අමාත්‍යංශය පැවසීය.
