බිහිසුණු දුම්රිය අනතුරකින් 500 අධික පිරිසක් රෝහල් ගත කෙරේ (විදෙස්)

China Train Crash Accident
By Dhananjaya Dec 15, 2023 12:57 PM GMT
Dhananjaya

Dhananjaya

Report

බීජිං හි අධික හිම පතනය මධ්‍යයේ උමං දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් රෝහල් ගත කර තිබේ.

බිහිසුණු දුම්රිය අනතුරකින් 500 අධික පිරිසක් රෝහල් ගත කෙරේ (විදෙස්) | Beijing Subway Train Accident

චීනයේ අගනුවර බලධාරීන් සිකුරාදා ප්‍රකාශ කළේ පුද්ගලයින් 102 දෙනෙකු අස්ථි බිඳීමට ලක්ව ඇති බවයි. බටහිර බීජිං හි බ්‍රහස්පතින්දා සවස මෙම අනතුර සිදුවී ඇත්තේ Changping උමං මාර්ගයේ ඉහළ කොටසක ය.

කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ලිස්සන සුළු පීලි නිසා ප්‍රමුඛ දුම්රියේ තිරිංග ඇති විය. පිටුපසින් පැමිණි දුම්රිය බැස යන කොටසක තිබී නියමිත වේලාවට තිරිංග ගැනීමට නොහැකිව ලිස්සා ගිය බව නගර ප්‍රවාහන අධිකාරිය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

හදිසි වෛද්‍ය නිලධාරීන්, පොලිසිය සහ ප්‍රවාහන බලධාරීන් ප්‍රතිචාර දැක්වූ අතර රාත්‍රී 11 පමණ වන විට සියලුම මගීන් ඉවත් කරන ලදී. සිකුරාදා උදෑසන වන විට පුද්ගලයින් 423 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති අතර මගීන් 25 දෙනෙකු නිරීක්ෂණ යටතේ සිටි අතර 67 දෙනෙකු රෝහල් ගත කර ඇත. මරණ කිසිවක් වාර්තා වී නොමැත.



GalleryGallery
ReeCha