අනුමත උපරිම සීමාවට වඩා තිස් දහස් ගුණයකින් රසදිය අඩංගු Beauty Cream වර්ග රැසක් එළියට. බලන්න ඔයාලත් මේවා ගානවද කියලා.

Cancer Sri Lanka Beauty
By Wayomi Jun 03, 2023 06:30 AM GMT
Wayomi

Wayomi

Report

කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය විසින් පසුගිය දිනක කොළඹ, පිටකොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී, නියමිත තොරතුරු සඳහන් නොවූ නීති විරෝධී ශරීර ආලේපන තොගයක් සොයාගනු ලැබුවා.

ඒවායෙහි ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂණාගාර වෙත සාම්පල යොමු කර තිබූ අතර එහි පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධව අවශ්‍ය නීත්‍යානුකූල කටයුතු සිදුකොට නඩු පවරා ඇති බව සඳහන්.

එම වාර්තා වලට අනුව මෙම ශරීර ආලේපන වල නියමිත ප්‍රමාණයට වඩා තිස් දහස් ගුණයකින් පමණ රසදිය අඩංගු වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

නියමිත ප්‍රමිතියට අනුව ශරීර ආලේපන වල අඩංගු විය හැකි අනුමත උපරිම රසදිය ප්‍රමාණය 1 mg/kg කි.

නමුත් පරීක්ෂණ සඳහා යොමු කර තිබූ Fresh & Clear, Arena Gold, Navia, Ujooba, Fresh & White, Super White යන වෙළඳ නාම සහිත මෙම ශරීර ආලේපන වල 6000 mg/kg සිට 31,0000 mg/kg දක්වා ඉතා විශාල ප්‍රමාණවලින් රසදිය අඩංගු වී ඇති බව සොයා ගැනුණා.

වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ, සුදු වීම සඳහා භාවිතා කරන මෙවැනි ආලේපන භාවිතයෙන් පසුකාලීනව පිළිකා ඇතුළු විවිධ ලෙඩ රෝගවලට ගොදුරු විය හැකි බවයි.

ඉහත වෙළඳ නාම සහිත ආලේපන පමණක් නොව විශේෂයෙන්ම සුදු වීම සඳහා භාවිතා කරන විවිධ වෙළඳ නාම යටතේ වන ශරීර ආලේපන වල ද මෙවැනිම තත්වයක් තිබීමට ඉඩ ඇති බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරනවා.

ඒ හේතුවෙන් ශරීර අලේපන මිලදී ගැනීමේදී ලංකාව ඇතුලත ආනයනකරුවෙකුගේ හෝ නිෂ්පාදකයකු ගේ තොරතුරු පැහැදිලිව සඳහන් කර නොමැති නිෂ්පාදන මිලදී ගැනීමෙන් වළකින ලෙසත් පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් ද කරනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


Gallery