ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තණ තීරුව වෙනස් කරලා - නවසීලන්තය ඇඟිල්ල දික්කරයි.

Cricket New Zealand International Cricket Council ICC World Cup 2023
By Wayomi Nov 15, 2023 08:12 AM GMT
Wayomi

Wayomi

Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවසරයකින් තොරව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නවසීලන්තයට එරෙහි අවසන් පූර්ව තරගය සඳහා තණතීරුව වෙනස් කර ඇති බවට නවසීලන්ත හෙරල්ඩ් පුවත්පත වාර්තා කරනවා.

එම චෝදනාවට අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තණ තීරුව වෙනස් කරලා - නවසීලන්තය ඇඟිල්ල දික්කරයි. | Bcci Has Changed The Grass Strip

අර්ධ අවසන් පූර්ව තරගය මුලින් පැවැත්වීමට නියමිතව තිබුණේ වන්කඩේ ක්‍රීඩාංගණයේ තණතීරු කොටසේ මධ්‍යම තීරුව වන අංක 07දීයි.

මෙහිදී පළමු අවසන් පූර්ව තරගයට අංක 7 තණතීරුව භාවිතා කිරීමට සැලසුම් කර තිබු අතර එය මෙවර ලෝක කුසලානය මෙතෙක් භාවිතයට නොගත් අලුත් තණතීරුවක් බව සඳහන්.

කෙසේ වෙතත් මෙම තරඟාවලියේ දැනටමත් තරඟ දෙකක් පවත්වා ඇති තණතීරුවක් වන අංක 6 තණතීරුවේ පළමු අවසන් පූර්ව තරඟය පැවැත්වෙන බව සනාථ කරන WhatsApp පණිවිඩයක් BBCI සහ ICC නිලධාරීන් 50 කට වැඩි පිරිසකට බෙදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තණ තීරුව වෙනස් කරලා - නවසීලන්තය ඇඟිල්ල දික්කරයි. | Bcci Has Changed The Grass Strip

බොහෝදෙනෙක් පෙන්වා දෙන්නේ, මුම්බායි හි පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී භාවිතා කිරීමට නියමිත තණතීරුව දැනටමත් දෙවරක් භාවිතා කර ඇති අතර, එය ඉන්දියාවේ ප්‍රබල දඟ පන්දු යැවීමේ පෙළට සහාය විය හැකි බවයි.

එමෙන්ම නොවැම්බර් 2 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව ලකුණු 302ක ජයක් වාර්තා කළේද, මෙම තණ තීරුවේදීයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තණ තීරුව වෙනස් කරලා - නවසීලන්තය ඇඟිල්ල දික්කරයි. | Bcci Has Changed The Grass Strip

ReeCha