නැවතත් කාලගුණය වෙනස් වේ - පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක්

Report

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ලසන්ත සූරියබණ්ඩාර මහතා පවසයි.

ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයට අනුව, දැනට සමස්ත ජලාශ පද්ධතියේ ධාරිතාව 65%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ප්‍රධාන ජලාශ 73න් 12ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 6ක් මේ වන විටත් වාන් දමමින් පවතී.

අද රාත්‍රී 11.30 දක්වා දැඩි අනතුරු ඇගවීම් - ජනතාව වහාම ප්‍රවේශම් වෙන්න

අද රාත්‍රී 11.30 දක්වා දැඩි අනතුරු ඇගවීම් - ජනතාව වහාම ප්‍රවේශම් වෙන්න

විශේෂයෙන්ම වෙහෙරගල ජලාශය වාන් දැමීම හේතුවෙන් මැණික් ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර, කතරගම පුදබිමට පැමිණෙන වන්දනාකරුවන්ට ගඟ පරිහරණය කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස උපදෙස් ලබා දී ඇත.

වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ ක්ෂණිකව ලැබෙන තද වැසි හේතුවෙන් ගංගා පිටාර නොගියද පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක් (Flash Floods) පවතින බවයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, දැනට පවතින අඩු පීඩන කලාපය වර්ධනය වී උතුරු දෙසට ගමන් කරන බැවින් ඉදිරි දින දෙකක කාලය තුළ වැසි තත්ත්වය තවදුරටත් පවතින බවයි.

මැයි 15 වනදායින් පසුව වත්මන් වැසි රටාව ක්‍රමයෙන් අඩු වුවද, මැයි මස අගදී නිරිත දිග මෝසම් (Southwest Monsoon) කාලගුණය ආරම්භ වීමට නියමිතය.

අද රාත්‍රී 11.30 දක්වා දැඩි අනතුරු ඇගවීම් - ජනතාව වහාම ප්‍රවේශම් වෙන්න

අද රාත්‍රී 11.30 දක්වා දැඩි අනතුරු ඇගවීම් - ජනතාව වහාම ප්‍රවේශම් වෙන්න

නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ බස්නාහිර, සබරගමුව පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් උදෑසන කාලයේදී තද වැසි සහ සුළං අපේක්ෂා කළ හැක. මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩි විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව විමසිලිමත් විය යුතුය. ඉදිරි දිනවලදී කාලගුණ අනාවැකිවල වෙනස්වීම් සිදුවිය හැකි බැවින්, ජනතාව නිරන්තරයෙන් නිල නිවේදන කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.