මුදල් ඇමතිගෙන් ජනතාවට සහනයක්..
Sri lanka
Basil rajapasha
finanse
By Sithumi
එළඹෙන 12 වනදා රටට සහ ජනතාවට ඵලදායී අයවැයක් ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
අද (30) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා ඒ බව පැවසීය. "රටේ ජනතාව වෙනුවෙන් අයවැය ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා මම ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබාගන්න ආවා.
මට වාසනාව ලැබෙයි කියලා හිතනවා, රටටත් ජනතාවටත් හොඳ අයවැයක් ඉදිරිපත් කරන්න." අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන්වද බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |