ජනපති සහ බැසිල් අතර තීරණාත්මක සාකච්ඡාවක්..ඉදිරියෙදි කරන්න යන දේ මෙන්න..

United National Party Basil Rajapaksa Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Podujana Peramuna
By Aruna Oct 17, 2022 06:12 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ (16) දුරකථයෙන් සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඉදිරි මහමැතිවරණයක් පැවැත්වෙන්නේ නම් සන්ධානගත වන්නේ කෙසේද යන්න මෙහිදී මූලිකවම සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙහිදී නාම යෝජනා ලබාදීමේ දී එක්සත් ජාතික පක්ෂය හා එහි නායකයා විවේචනය කරන හෝ පක්ෂය අත හැර යන කිසිවෙකුටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ශ්වයෙන් නාම යෝජනා ලබා නොදීමටත් ,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විවේචනය කර එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයෙන් නාමයෝජනා ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින මන්ත්‍රීවරුන්ට එසේ නාම යෝජනා ලබා නොදීමටත් තීරණය කර තිබෙනවා.

යම් හෙයකින් ඉදිරි මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වන්නේ නම් එකී පක්ෂවල නියෝජිතයින්ට නාම යෝජනා හිමිවන්නේ එම පක්ෂවලට ලබා දෙන කෝටාවෙන් පමණක් බව මෙහිදී තීරණයකට පැමිණ ඇති බවයි එම දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha