හදිසියේම බැංකු කිහිපයක් පොලී අනුපාතය වැඩි කරයි..

Sri Lanka
By Aruna Jun 26, 2022 03:05 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා වාණිජ බැංකු කිහිපයක් ණය කාඩ්පත් සඳහා අයකරනු ලබන පොලී අනුපාතිකය ඉහළ දමා ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අප්‍රේල් 8 වැනිදා ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

එම තීරණයෙන් පසු එතෙක් සියයට 18 ක්ව පැවති ණය කාඩ්පත් පොලිය අද වන විට සියයට 30 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පැවැසෙයි.

එක් වාණිජ බැංකුවක් පමණක් ණය කාඩ්පත් පොලිය ජූලි මස සිට තවත් සියයට 6 කින් වැඩි කරමින් සියයට 36 සීමාවට රැගෙන විත් ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තා වලට අනුව මෙම වසරේ අප්‍රේල් මාසය වන විට සක්‍රීයව පවතින ණය කාඩ්පත් ප්‍රමාණය 1,973,481 ක් වන අතර මෙම ණය කාඩ්පත් වෙනුවෙන් අප්‍රේල් මාසය අවසන් වන විට ගෙවිය යුතු මුළු හිඟ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 138,192 කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now