ප්‍රධාන බැංකු 03ක් සහ රාජ්‍ය ආයතන 31ක් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී..

Nandalal Weerasinghe The Bank of Ceylon Government Employee People's Bank
By Aruna Oct 06, 2023 07:12 AM GMT
Aruna

Aruna

Report

සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද සමාගමක් යටතට ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුලත් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

එම බැංකු ඇතුළු රාජ්‍ය ආයතන 31ක් එම සමාගම යටතට පත් කිරීමට තීරණය වී ඇති බවයි පැවසෙන්නේ.

රාජ්‍ය ව්‍යපාර ප්‍රතිව්‍යුහගතකරණ ඒකකය විසින් කොළඹ හිල්ටන් හෝටලයේ ජනමාධ්‍ය ප‍්‍රධානීන්ට පවත්වන ලද වැඩමුළුවකදී මේ බව හෙළිවී ඇත.

එහිදී මාධ්‍ය ප්‍රධානීන්ට ලබාදුන් ලේඛණයේ නව සමාගම යටතට පත් කරන රාජ්‍ය ව්‍යාපාර අතර මෙම රාජ්‍ය බැංකු තුනද සදහන් වී තිබේ.

කෙසේ වෙතත්, කිසිදු රාජ්‍ය ව්‍යාපාරයක් ප‍්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට රාජ්‍ය බැංකු කිසිවක් අයත් නොවන බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

රාජ්‍ය බැංකු මුදල් අමාත්‍යාංශ යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසට අයත් නොවන බවද මහ බැංකු අධිපතිවරයා කියාසිටියා.

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ දේ..මහ බැංකුවෙන් දැනුම්දීමක්..

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ දේ..මහ බැංකුවෙන් දැනුම්දීමක්..


ReeCha