වැරදිලා 35 ලක්ෂයක් කතකගේ ගිණුමට ඇවිල්ලා...අනතුරුව ඇය සිදුකළ අදහාගත නොහැකි දේ මෙන්න.(PHOTOS)

Sri Lanka Mathara Bank account
By Aruna Feb 25, 2022 03:00 AM GMT
Aruna

Aruna

Report

ලංකාවේ ගැහැනියකගේ අවංක ක්‍රියාකලාපයට සමාජ මාධ්‍යවල ප්‍රශංසා ගලා එනවා.

ලක්ෂ 35ක් වැරදීමකින් කාන්තාවකගේ බැංකු ගිණුමක තැන්පත් කර තිබෙන අපූරු පුවතක් වාර්තා වනවා.

මීට දින දෙකකට පෙර කාන්තාවකගේ බැංකු ගිණුමට මාතර බැංකු ශාඛාවකින් රුපියල් 35 ලක්ෂ 91 දහසක මුදලක් බැරවී තිබෙනවා.

මුදල් ලැබුණු බවට අදාල කාන්තාවගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් අදාල දිනයේ සවස් කාලයේ ලැබී ඇත.

පසුදා උදෑසන ඇය තම පුතා සමඟ අදාළ බැංකුවට ගොස් මේ පිළිබඳව දන්වා අස්ථානගත වූ මුදල් අදාල මූල්‍ය ආයතනයට භාර දී තිබේ.

එම තොරතුරු මූලාශ්‍රය ද සමඟ මෙම කාන්තාවකගේ පුතා විසින් සිය ෆේස්බුක් පිටුවේ පළ කර ඇත.

එහි සඳහන් කර තිබුණේ, "අපිට ඒ මුදල් අවශ්‍ය නැහැ.

ලොකුම වැරැද්ද අනුන්ගෙ සල්ලි වලින් සතුටින් ජීවත් වෙන්න හිතන එක.

මේ මුදල් නිසා මුල්‍ය ආයතනයේ සේවය කරන අයටත් ප්‍රශ්න ඇති වෙනවා.

“අපි මුදල් ආපසු ලබා දුන්නා,” යනුවෙන් ඔහු පැවසීය. මෙම ක්‍රියාකලාපය ගැන බොහෝ දෙනාගේ පැසසුමට ලක්වූ මව සහ පුතා.

එහි ඡායා රූපයන් පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery