බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අලුත්ම වෙනස මොකක්ද දන්නව ද? (PHOTOS)
Cricket
Bangladesh Cricket Team
Latest Headlines
Decision Making
By krishani
බංග්ලාදේශයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා නව නායකයෙකු පත්කර තිබෙනවා.
ඒ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ය.
මෙලෙස බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස පත්කර ඇත්තේ නජ්මුල් හුසේන් ෂැන්ටෝයි ය.
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මොහුව ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන කණ්ඩායම් තුනෙහිම නායකයා ලෙස පත්කර ඇති බවයි.
කෙසේ වෙතත්, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම නිවේදනය සිදුකර ඇත්තේ ඉදිරි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායම ශකිබ් අල් හසන් විසින් මෙහෙයවනු ඇති බවට වාර්තා පළ වී තිබූ පසුබිමකයි.
