සීගිරියේදී බිහිසුණු වන අලි ප්‍රහාරයක් - නිවසෙන් එළියට බැස්ස 77 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Report

සීගිරිය, පළුටාව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇත .

මෙලෙස මියගොස් ඇත්තේ කිඹිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පුද්ගලයෙක් වේ .

අදාළ පුද්ගලයා නිවසෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

තවද සීගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි