මාර්ග අනතුරකින් පසු ප්‍රදේශවාසීන් නීතිය අතට ගනී (VIDEO)
accident
Puttalam
Halavatha
Bangadeniya
By Sewvandhi
හලාවත - පුත්තලම මාර්ගයේ බංගදෙණිය, කෝට්ටපිටිය ප්‍රදේශයේදී යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබුණි.
ඊයේ (19) දහවල් 1.30ට පමණ එම රිය අනතුර සිදුවී ඇත. අදාළ අනතුරින් මියගොස් ඇත්තේ බංගදෙණිය - කරුකුපනේ පදිංචි තරුණයෙකි.
කොළඹ සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක යතුරුපැදිය ගැටීමෙන් එම අනතුර සිදුව තිබුණි.
ඒ පිළිබඳව උරණ වූ ප්‍රදේශවාසීන් කලහකාරී ලෙස හැසිරී බස් රථයට හානි කර ඇති අතර නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කෙරුණේ පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය පැය 4කට අධික කාලයක් දැරූ ප්‍රයත්නයකින් පසුවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |