ඇමති බන්දුල ඉතා විශාල වන්දි මුදලක් ඉල්ලයි.

bandula gunawardhana thushan gunawardhana thelikada police station k.m.l.janakapriya
By Sewvandhi Oct 02, 2021 06:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සුදු ළූණු ආනයනයේදී සහ බෙදාහැරීමේදී වංචාවක් සිදුවී ඇතැයි කියන සිද්ධියට අදාළව සිදුකර ඇති ප්‍රකාශ මගින් තම කීර්තිනාමයට සහ දේශපාලන ජීවිතයට හානියක් සිදුවී ඇතැයි සඳහන් කරමින් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලමින් පසුගිය දා ඉල්ලා අස්වූ පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙක් වූ තුෂාන් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට සඳහන් කරමින් නීතිඥයෙකු මාර්ගයෙන් ලිපියක් යවා තිබේ.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අදාළ ලිපිය නීතිඥයෙකු මාර්ගයෙන් තුෂාන් ගුණවර්ධන මහතා වෙත යොමුකර ඇති අතර සුදු ළූණු වංචාවට අදාළව හිටපු අධ්‍යක්‍ෂවරයා සිදුකර ඇති ප්‍රකාශය මගින් එලෙස තම කීර්තිනාමයට සහ දේශපාලන ජීවිතයට හානියක් වූ බවට අදාළ ලිපියේ සඳහන් කර ඇති අතර කීර්තිනාමයට සහ දේශපාලන ජීවිතයට සිදුවූ හානියට වන්දි ලෙස රුපියල් බිලියනයක මුදලක් ඉතා ඉක්මනින් ගෙවන ලෙසත් එහි සඳහන් කර ඇත.

යම් හෙයකින් එය ගෙවීමට අපොහොසත් වුවහොත් එය අයකර ගැනීම සඳහා වන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද අදාළ ලිපියෙන් සඳහන් කර තිබේ.

මේ අතර, දේශපාලන බලපෑම් මත සිදුකරන ලද සිය ස්ථාන මාරුව බලරහිත කරන ලෙස ඉල්ලමින් තෙලිකඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති කේ.එම්.එල් ජානකප්‍රිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. එහි වගඋත්තර කරුවන් ලෙස පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය මොහාන් සිල්වා, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඇතුළු පිරිසක් නම්කර ඇති බව වාර්තාකරු සඳහන් කළේය.

පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව කතරගම පොලිස් කොට්ඨාශයට මාරුකර ඇති බවය. 2019 මාර්තු 15 වන දින තමා තෙලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස වැඩ භාරගත් අතර ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ නීතී විරෝධී ගස් කැපීම් සහ වැලි ගොඩ දැමීම්වලට එරෙහිව තමන් දැඩිව නීතීය ක්‍රියාත්මක කළ බවද පෙත්සම්කරු සඳහන් කර සිටී.

එහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලන බලපෑම් මත තමාව කිසිදු හේතුවක් නොමැතිව ස්ථාන මාරුකිරීමට පියවර ගැනීම තුළින් මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම තමාගේ ස්ථාන මාරුව බල රහිත කරන ලෙසත් එම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙනතුරු සිය ස්ථාන මාරුව ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව "අද දෙරණ" අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha