ONMAX DT අධ්‍යක්ෂවරුන්ට ඇප ...
පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ONMAX DT සමාගමේ අධ්‍යක්ෂවරුන් 05දෙනා ඇප මත මුදාහැර තිබෙනවා.
එම නියෝගය ලබා දී ඇත්තේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසිනි.
මෙම අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගැනුණේ නීතිවිරෝධී පිරමිඩ ආයෝජන ක්‍රමයක් පවත්වාගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 03ක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
එසේම සෑම මසකම අවසන් ඉරුදින සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් වාර්තා කළ යුතු බවටත් ඇප කොන්දේසියක් පනවනු ලැබුවා.
..............................