නවසීලන්ත විස්සයි20 ලෝක කුසලාන සංචිතය මෙන්න
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පෙබරවාරි 07 සිට මාර්තු 08 දක්වා පැවැත්වෙන ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානය 2026 සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
මිචෙල් සැන්ට්නර්ගේ නායකත්වයෙන් යුත් මෙම පළපුරුදු ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ විශේෂත්වය වන්නේ ජේකබ් ඩෆීගේ ඇතුළත් වීමයි. 2025 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී කඩුලු 81ක් දවාගෙන සර් රිචඩ් හැඩ්ලීගේ වාර්තාව බිඳහෙලූ ඔහුට මෙය පළමු ජ්‍යෙෂ්ඨ ලෝක කුසලානය වේ.
අනෙකුත් ක්‍රීඩකයන්ගෙන් බොහෝ දෙනෙකුට ලෝක කුසලාන අත්දැකීම් තිබේ. ස්පින් පන්දු යැවීමේ ශක්තිමත් බලකායක් සහිත මෙම කණ්ඩායම උපමහාද්වීපයේ කොන්දේසිවලට සුදුසු ලෙස සකස් කර ඇති බව පෙනේ.