ඔබේ විදුලි බිලේ අතිරේක ගාස්තුවක්? - මහජනයාට තවත් බරක්

Report

දැනට යෝජිත නව විදුලි ප්‍රතිපත්තිය මඟින් තම ප්‍රදේශයේ ඇති වීථි ලාම්පු සඳහා වැයවන මුදල එම ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලෙන් අයකිරීමට යෝජනා කර ඇති බව විදුලිය පාවිච්චිකරනන්ගේ සංගමය සදහන් කර තිබේ .

මෙම අගය විදුලි පාරිභෝගිකයාගේ බිලෙන් සියයට 2.2 නොවැඩි වියයුතු බවටද දැනුම් දී ඇති බව එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සදහන් කර ඇත.

ඉන්ධන මිල සහ විදුලි ගාස්තුව ගැන ඇහෙන අලුත්ම ආරංචිය ඇමතිගේ කටින්ම පනී

ඉන්ධන මිල සහ විදුලි ගාස්තුව ගැන ඇහෙන අලුත්ම ආරංචිය ඇමතිගේ කටින්ම පනී

"යම්කිසි ප්‍රදේශයක භාවිත කරන විදුලි බල්බ්වල වොට් ප්‍රමාණය ගණනය කරලා, ඒ ප්‍රදේශයේ වෙසෙන ජනතාව අතර බෙදලා විදුලි බිලට එකතු කරන්න හදනවා.

ඒ එකතු කරන අගය තමුන්ගේ විදුලි බිලේ වටිනාකමින් 2.2% නොවැඩි අගයක් විය යුතුයි කියලත් කියලා තියෙනවා." "අපි දන්නවා ප්‍රාදේශීය සභාවකින්, නගරසභාවකින්, මහ නගර සභාවකින් තමා මේ පොදු වීථි ලාම්පු සහ පොදු ආලෝකකරණය ගැන නගරබද නඩත්තු කටයුතු කරන්නේ. දැන් මේ යෝජනාවේ තියෙනවා මේවා ප්‍රාදේශීය සභාවෙන්, නගරසභාවෙන් ගලවලා දාලා වෙනම ආයතනයක් හදන්න."

තව දුරටත් එතුමා සදහන් කළේ වීථි ලාම්පු කළමණාකරණ කිරීම සඳහා පළාත් පාලන ආයතනවලට ඇති බලය ඉවත් කර වෙනත් ආයතනයකට පැවරීමට ද එමඟින් යොජනා කර තිබෙන බවයි. 

විගණකාධිපති ධුරයට නව නාමයෝජනා 4ක්

විගණකාධිපති ධුරයට නව නාමයෝජනා 4ක්