ආර්ථික ඇමරිකාවට දැඩි දාමයක් - වෙනිසියුලා බොරතෙල් බැරල් 30–50 මිලියන භාරදේ
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනාවරණය කළ ප්‍රකාශයක් අනුව, වෙනිසියුලාවේ අතුරු බලධාරීන් එරට ඉහළ ගුණාත්මක බොරතෙල් බැරල් මිලියන 30 සිට 50 දක්වා ප්‍රමාණයක් එක්සත් ජනපදයට භාරදීමට එකඟ වී තිබේ.
මෙම තෙල් වෙළෙඳපොළ මිලට විකිණීමෙන් ලැබෙන ආදායම එක්සත් ජනපදයේ පාලනය යටතේ පවත්වාගෙන යාමට නියමිතයි. එම මුදල් වෙනිසියුලාවේ සහ එක්සත් ජනපදයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා යොදාගැනීමට බලාපොරොත්තු වෙනවා.
මෙම තෙල් තොගය මූලික වශයෙන් එරට ගබඩා සහ අත්අඩංගුවට ගත් ටැංකර්වලින් ලබාගැනීමට නියමිතයි. වත්මන් වෙළෙඳපොළ මිල අනුව මෙය ඩොලර් බිලියන 1.65 සිට 2.75 දක්වා වටිනාකමක් ඇති බව ඇස්තමේන්තු කෙරෙනවා.
නිකොලස් මදුරෝගේ බලයෙන් ඉවත් කිරීමෙන් පසු මෙම ගිවිසුම ක්‍රියාත්මක වන අතර, එක්සත් ජනපද බලධාරීන් මෙය ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම තීරණය වෙනිසියුලාවේ තෙල් කර්මාන්තයේ අනාගතයට සහ ලෝක වෙළෙඳපොළේ තෙල් මිලට බලපෑම් එල්ල කළ හැකියි.