සැකසහිත ලෙස මිය ගිය තරුණයෙකුගේ මළ සිරුරක් හමු වෙයි.
By Hashini
සැකසහිත ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් බෝක්කුවක් අසල තිබී සොයාගෙන තිබෙනවා.
ඊයේ (15) දහවල් තලාතුඔය කදාකුල ප්‍රදේශයේදී මෙම පුද්ගල මළසිරුර හමු වූ බවයි පොලීසිය සඳහන් කළේ.
තලාතුඔය පොලීසිය සඳහන් කළේ මරණකරුගේ වයස අවුරුදු 27ක් පමණ වන බවය.

අදාළ පුද්ගලයා පසුගිය 12 වනදා සවස් කාලයේදී නිවසින් පිටවගොස් තිබෙනවා.
ඔහු යළි නිවසට නොපැමිණීම හේතුවෙන් ඉකුත් 13 වනදා මරණකරුගේ මව විසින් තලාතුඔය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.
සිදු කළ පරීක්ෂණ වලදී එම පුද්ගලයාගේ මළසිරුර තලාතුඔය මාරස්සන මාර්ගයේ ඇති බෝක්කුවක් අසලින් හමු වී තිබෙනවා.
..........................