ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු විස්සයි20 තරගය අද

Report

ශ්‍රී ලංකා - පාකිස්තාන විස්සයි20 තරගාවලිය දඹුල්ලේදී අද ආරම්භ වෙයි.

මෙම තරගාවලිය තරග තුනකින් සමන්විතයි.

පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතව තිබේ.

තරගාවලියේ සියලු තරග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වේ. ඒ වගේම තරගාවලියේ ශුරයින්ට පිරිනැමෙන කුසලානය දඹුල්ල ක්‍රීඩාංගණයේදී දෙපිලේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ එළිදැක්වුණි.

පාකිස්තාන විස්සයි20 කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී විස්සයි20 තරගාවලියක් සඳහා මෙලෙස එක්වන්නේ වසර 11කට පසුවයි. මෙම විස්සයි20 තරගාවලියට සඳහා දඟ පන්දුයවන ක්‍රීඩක ට්‍රැවින් මැතිව් පළමුවරට ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට කැඳවා ඇති අතර චරිත් අසලංක, ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේද යළි විස්සයි20 සචිතයට කැඳවා තිබේ.

නවසීලන්ත විස්සයි20 ලෝක කුසලාන සංචිතය මෙන්න

නවසීලන්ත විස්සයි20 ලෝක කුසලාන සංචිතය මෙන්න

ශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තානය අතර දඹුල්ලේදී අද ආරම්භ වන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සම්පූර්ණ ආදායම ද 'Rebuilding Sri Lanka අරමුදලට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබීමද සුවිශේෂීත්වයකි.

ඒ අනුව තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

වීථි ලාම්පු සඳහා වැයවන මුදල ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලට එක් වෙයිද ?

වීථි ලාම්පු සඳහා වැයවන මුදල ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලට එක් වෙයිද ?