බදියුදීන් නිවසේ අක්‍රිය වූ CCTV කැමරා

ajith rohana CCTV footage harassment badurdeen ishalini
By Sithumi Aug 06, 2021 02:22 PM GMT
Sithumi

Sithumi

Report

බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ ඇති සී.සී.ටී.වි කැමරා පද්ධිතිය පිළිබඳව පරීක්ෂාකළ පොලිස් සමීප රූප ආවේෂණ කොට්ඨාසය ඒ පිළිබඳව වූ වාර්තාවක් පොලිස් ළමා හා කාන්තා කාර්යංශය වෙත භාර දී තිබේ.

පොලිසිය පැවසුවේ අදාළ දැරිය පිළිස්සුනු දිනයේදී මන්ත්‍රීවරයාගේ නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරා කිහිපයක් අක්‍රීයව තිබී ඇති බවය. එමෙන්ම දැරිය පිළිස්සෙමින් සිටි අවස්ථාවේදී ඇයට නිවසේ තිබූ පොකුණකට බසින ලෙසට නිවැසියන් උපදෙස් ලබාදී ඇතැයිද පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

මේ අතර විමර්ශන නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ද නියමිතය.

මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී දැරියක් පිළිස්සී මියයාමේ සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ බිරිඳ සහ මාමණ්ඩිය වගකිව යුතුබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම සිද්ධියේ විමර්ශන කටයුතු කරුණු තුනක් යටතේ පොලිසිය විසින් සිදුකරමින් සිටී.

You may like this video-:


ReeCha