වැරදි පුරුද්දක් නිසා හෘදයාබාධ අවදානම්... කොල්ලොනේ පරිස්සමින්
කංසා භාවිත කිරීම හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි බව සමීක්ෂණයකින් අනාවරන වී තිබෙනවා.
මෙම සොයා ගැනීම සිදු කළ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සැන් ෆ්‍රැන්සිස්කෝ කණ්ඩායම අනතුරු අඟවන්නේ සතියකට අවම වශයෙන් තුන් වතාවක් කංසා ශාකයේ මල් නැතහොත් මරිජුවානා භාවිත කළ හෝ ආහාරයට ගතහොත් එම පුද්ගලයින්ගේ රුධිර නාල වලට හානි සිදුවන බවයි.
මෙය රුධිර වාහිනී හැකිලීමට හේතු වන අතර, රුධිර කැටි ගැසීමේ අවදානම වැඩි කරනු ලබනවා. ඒ තුලින් කිරීටක ධමනි රෝග, හෘදයාබාධ සහ ආඝාතයට හේතු විය හැකි බවද පර්යේෂණ කණ්ඩායම අනතුරු අඟවනවා.
මෑත කාලීන අධ්‍යයනයන් මගින් කංසා දුම්පානය හෘද රෝග ඇති කරන බව සොයාගෙන තිබුනද මෙය හෘදයට සිදුවන හානිය පෙන්නුම් කළ පළමු පරීක්ෂණය බවද පර්යේශකයින් පෙන්වා දෙනවා.
UCSF හි අධ්‍යයන සම-කර්තෘ සහ වෛද්‍ය මහාචාර්ය මැතිව් ස්ප්‍රින්ගර් පැවසුවේ කංසා භාවිතා කරන ඕස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යන බවයි.
ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනයට අනුව, ඕස්ට්‍රේලියාවේ දෛනික කංසා භාවිතය 2019 දී සියයට 14 ක්ව තිබූ අතර 2022–2023 දී සියයට 18 දක්වා වැඩිවී තිබෙනවා.
