කෝලිවත් අභිබවා ගිය බාබර් - එතකොට කෝලිට මොකද වුණේ?.(PHOTOS)

Report

පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර තරගවල වැඩිම ලකුණුලාභියා බවට පත්වීමට සමත්ව ඇත.

කෝලිවත් අභිබවා ගිය බාබර් - එතකොට කෝලිට මොකද වුණේ?.(PHOTOS) | Babar Azam Has The Highest Score In 20 20 Matches

ඒ මේ දක්වා එහි පෙරමුණ ගෙන සිටි ඉන්දීය පිතිකරු විරාත් කෝලි දෙවන ස්ථානයට පත් කරමින් ය.

ඊයේ (06) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකානු කණ්ඩායම සමග පැවති තරගයේ දී පාකිස්තානයට අමිහිරි පරාජයක් අත් විය.

නමුත් එම තරගයේ දී ලකුණු 44ක් වාර්තා කිරීමට බාබර් අසාම් පත්වීමත් සමග ඔහු මෙලෙස 20යි 20 වැඩිම ලකුණුලාභියා බවට පත්ව තිබෙනවා.

කෝලිවත් අභිබවා ගිය බාබර් - එතකොට කෝලිට මොකද වුණේ?.(PHOTOS) | Babar Azam Has The Highest Score In 20 20 Matches

ඒ අනුව 20යි 20 ජාත්‍යන්තර තරග 120කට සහභාගී වෙමින් බාබර් අසාම් රැස්කරගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 4,067ක් වේ.

එමෙන්ම, තරග 118ක දී ලකුණු 4,038ක් රැස්කර‍ගත් විරාත් කෝලි 20යි 20 වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානයට පත්ව සිටි.

නොඉවසිල්ලෙන් රටම බලා ඉන්න, හෙට තීරණාත්මක තරඟයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්?.

නොඉවසිල්ලෙන් රටම බලා ඉන්න, හෙට තීරණාත්මක තරඟයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්?.


කෙසේ වෙතත්, තරග 152ක දී ලකුණු 4,026ක් ලබා ගනිමින් රෝහිත් ශර්මා එහි තෙවන ස්ථානයේ රැඳී සිටියි.