නොඉවසිල්ලෙන් රටම බලා ඉන්න, හෙට තීරණාත්මක තරඟයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්?.

Report

හෙට (08) දිනයේ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක තරගය පැවැත්වීමට නියමිතයි.

නොඉවසිල්ලෙන් රටම බලා ඉන්න, හෙට තීරණාත්මක තරඟයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්?. | In The 20 20 World Cup Cricket Tournament 8Th June

ඒ ඩලස් හි ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේ දී ය.

පසුගිය දින කිහිපයක කාලයේ එම ක්‍රීඩාංගණය අවට උෂ්ණත්වය ඉතා වැඩි අගයක් ගත්තේ ය.

අද එම ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශ 35ක් ලෙස සටහන් විය.

එමෙන්ම, හෙට දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවනු ඇති බවට තොරතුරු වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මහතා කියා සිටියේ, පළමු තරගය අපේක්ෂිත මට්ටමට ළඟා නොවූ බව ය.

නොඉවසිල්ලෙන් රටම බලා ඉන්න, හෙට තීරණාත්මක තරඟයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්?. | In The 20 20 World Cup Cricket Tournament 8Th June

ඒ අනුව අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ම සාකච්ඡා කර ඉදිරියට කළ යුතු වෙනස්කම් කවරේ ද යන්න පිළිබඳ තීරණයක් ගත් බව ඒ මහතා සඳහන් කළේ ය.

තව ද, ඔවුන් මානසිකව හොඳ තත්ත්වයක සිටින බවත් ඒ මහතා පැවසීය.

මේ දක්වා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ජාත්‍යන්තර 20යි 20 තරග 16ක් පවත්වා ඇත.

ඉන් තරග 11කම ජය හිමි කරගෙන ඇත්තේ ශ්‍රී ලංකාව වේ.

ශ්‍රී ලංකාව ලෝක කුසලානය පරාජයකින් ආරම්භ කරයි - අන්තිමට වුණේ මෙන්න මේකයි..(UPDATE/PHOTOS)

ශ්‍රී ලංකාව ලෝක කුසලානය පරාජයකින් ආරම්භ කරයි - අන්තිමට වුණේ මෙන්න මේකයි..(UPDATE/PHOTOS)


ශ්‍රී ලංකාව මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීම හේතුවෙන් හෙට බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක තරගයක් වේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට උදෑසන 6ට ආරම්භ වීමට නියමිතය.