විදෙස්ගත 'කුඩු අංජු'ගේ ප්රධාන මත්ද්රව්ය බෙදාහරින්නා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට කොටුවෙයි
මේ වනවිට විදෙස්ගතව සැඟව සිටින මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන 'කුඩු අංජු' නැමැත්තාගේ මත්ද්රව්ය බෙදාහරින පුද්ගලයෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24ක් වන මාතර, අකුරැස්ස ප්රදේශයේ පදිංචිකරුවෙක් වේ
පොලීසිය සදහන් කළේ ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 500කට අධික ප්රමාණයක් සොයාගත් බවයි .
මෙම පුද්ගලයාට මත්ද්රව්ය ප්රවාහනය කිරීම සඳහා එක් වරකට රුපියල් 15,000ත් 20,000ත් අතර මුදලක් 'කුඩු අංජු' විසින් ලබාදෙන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.