බටහිර ඖෂධ අස්සේ ආයුර්වේද ඖෂධත් හිඟ වෙයි.

Government Of Sri Lanka
By Wayomi Nov 05, 2022 10:29 AM GMT
Wayomi

Wayomi

Report

මෙරටට ආනයනය කරන ආයුර්වේද ඖෂධ වලත් හිඟයක් පවතින බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

ඒ අනුව ආයුර්වේද ඖෂධ වට්ටෝරුවලට අයත් ඖෂධ 130කට ආසන්න ප්‍රමාණයක් හිඟ බවයි එම සංගමයේ සභාපති වෛද්‍ය පී හේවාගමගේ මහතා පවසන්නේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඉන්දියාව, පකිස්ථානය ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කරන බවත්, පවතින ආර්ථික අර්බුද හමුවේ ප්‍රමාණවත් පරිදි එම ඖෂධ ආනයනය කිරීමට නොහැකි වීමෙන් රෝහල් ආශ්‍රිතව මෙම ඖෂධ හිගය නිර්මාණය වී ඇති බවත්ය.

එමෙන්ම රෝහල්වල පවතින බටහිර ඖෂධ හිගය හමුවේ ජනතාව දේශීය ප්‍රතිකාර සඳහා යොමුවීම හේතුවෙන් ආයුර්වේද රෝහල් වෙත පැමිණෙන ජනතාවගේ වැඩිවීමක්ද දකින්න ලැබෙන බව ද හේවාගමගේ මහතා අවධාරණය කරනවා.      


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW