මෙරට ප්‍රවීණතම රංගන ශිල්පිනියක් මියගිය බවට පළ වන පුවතේ සත්‍ය අසත්‍යතාව.. (PHOTOS)

Sri Lanka Sri Lankan Actress
By Sithumi Dec 31, 2022 05:15 PM GMT
Sithumi

Sithumi

Report

ප්‍රවීණ රංගන ශිල්පිණි අයිරාංගනි සේරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇති බවට පුවතක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. 

එම පුවත අසත්‍ය බවයි එතුමියගෙ ඥාතීන් පවසන්නේ.

එම පුවත අසත්‍ය බව ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ මහතාද තම මුහුණු පොතේ විශේෂ සටහනක් යොදමින් තහවුරු කර තිබෙනවා.

එමෙන්ම මෙලෙස අසත්‍ය පුවත් කිසිදු වගකීමකින් තොරව පළකිරීමෙන් වලකින ලෙස එතුමා තවදුරටත් ඉල්ලා සිටිනවා.

"අයිරාංගනී සේරසිංහයන් සුවෙන්...............

ශ්‍රී ලාංකේය සිනමාවේ ආදරණීය මෑණියන් ලෙසින් තුන්කාලීන සියලු පරම්පරාවන්ගේ ගෞරවාදරයට පත්වන අග්‍රගණ්‍ය රංගනවේදිනි අයිරාංගනී සේරසිංහයන් මිය ගිය බවට ප්‍රචාරය වන සියළු කටකතා සහ මුහුණුපොතේ සංසරණය වන පෝස්ටු අසත්‍ය බව වගකීමෙන් දන්වා සිටිමි.

ඇය ඉතා සුවෙන් සිටින බව ඇයගේ පුතණුවන් විසින් තහවුරු කරන ලදී. ඇය වැනි චරිතයක් දෙස් විදෙස් සැමගේ ආදරණීය මවක් ලෙසින් සැමගේ හදවතේම ජීවමාන වන නිසාවෙන් මෙලෙස අසත්‍ය තොරතුරු පැවසීමට පෙර වගකීම් සහගත වන ලෙස මා ඔබෙන් නැවත නැවතත් ඉල්ලා සිටින්නෙමි.

කුල කතකගෙ ගුණ රුව ගති පෙන්වා

ගෞරවය අභිමානෙ හද රන්දා

නෙක චරිත රඟපා මන නන්දා

සිනමාවෙ මව් ලෙසින් හද රැදුණා

අයිරාංගනි ය අප හද බැදුණා

අයිරාංගනි ය අප හද රැදුණා...........!"

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGalleryGallery