රුපියල් 30000ක අවුරුදු බෝනස් එකක්.. ඔබේ ගිණුම් වලටත් වැටිලද බලන්න...
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන්ට මෙවර අවුරුදු සැමරීම සඳහා රුපියල් 30000ක මුදලක් ලබා දී තිබෙනවා. සංස්ථාවේ සහ කොළොන්නාව තොග නිමාවේ සේවකයන් හාරදහස් දෙසියකගේ(4200) ගිණුම්වලට මෙම මුදල බැරකොට ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි දොළහකට අධික මුදලක් වැය වී ඇති බවයි සංස්ථා ආරංචි මාර්ග පවසන්නේ.
එහෙත් එම මුදල ලැබුණේ කෙසේද යන්න එහි සේවකයන් නොදන්නා අතර එය උත්සව අත්තිකාරමක් ලෙස ලබා දුන්නේද එසේ නොමැතිව අලුත් අවුරුදු ප්‍රසාද දීමනාවක් ලෙස ලබා දුන්නේද යන්න සම්බන්ධයෙන් තමන් මේ වනතෙක් දැනුවත්ව නොමැති බව එහි සේවකයෝ පවසයි.
මීට පෙර උත්සව අත්තිකාරම් ලෙස මුදල් ලබා දෙන විට සේවකයන්ගෙන් අයදුම් පත්‍රයක් පුරවා ගන්නා නමුත්, මෙවර එසේ නොකර කිසිදු විමසීමකින් තොරව සිය ගිණුම්වලට මුදල් බැර කර ඇති බව ද එහි සේවකයෝ කියා සිටීයි.
මේ වන විට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 1.63ක්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 1.15ක්ද, ඩීසල් ලීටයකින් ශත 4ක්ද, සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 2.26ක්ද, භූමිතෙල් ලීටරයකින් රුපියල් 2.66 වශයෙන් ලාභයක් ලබන බවයි සංස්ථාව පවසන්නේ.
ඒ අනුව සංස්ථා ආරංචි මාර්ග පවසන්නේ, පසුගිය පෙබරවාරියේ දී සංස්ථාව රුපියල් බිලියන පහකට අධික ලාභයක් උපයා ඇති බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |