ඛනිජ තෙල් ක්ෂේත්‍රය සඳහා ශ්‍රී ලංකාව සමඟ ඕස්ට්‍රේලියා සමාගමක්...

Report

ලබන 28 වනදා සිට මෙරට ඛනිජ තෙල් ක්ෂේත්‍රය සඳහා ඕස්ට්‍රේලියානු සමාගමක් වන යුනයිටඩ් පෙට්‍රෝලියම් ප්‍රයිවට් ලිමිටඩ්, සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

යුක්තියේ මෙහෙයුමේ රාජකාරී කළ නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට...

යුක්තියේ මෙහෙයුමේ රාජකාරී කළ නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට...

අදාළ සමාගමේ ඉන්ධන නෞකා දැනටමත් මෙරටට පැමිණ ඇති අතර ඒවායේ ගොඩබෑම් කටයුතු ද මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඉන්ධන පිරවුම්හල් 20ක එම ඕස්ට්‍රේලියානු සමාගම විසින් සිය මෙහෙයුම් කටයුතු සිදු කෙරේ.

මහ බැංකු අධිපතිට ඉහළ ම ශ්‍රේණිගත කිරීමක්...

මහ බැංකු අධිපතිට ඉහළ ම ශ්‍රේණිගත කිරීමක්...

යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා පුද්ගලික සමාගම Ltd, ශ්‍රී ලංකා වෙළෙඳපොළට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ අත්සන් කරන ලද ගිවිසුමේ කොටසක් ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ පසුගිය ජුනි 4 වැනි දින ගිවිසුමකට එළඹ ඇති බව සඳහන් වේ.