කපිල් හොද හිතවතෙක් වගේම රටට සේවයක් කරපු පුද්ගලයෙක් - මියගිය කපිල චන්ද්‍රසේන ගැන මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක් [VIDEO]

Report

ජීවිතක්ෂයට පත් වූ ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණ ඇත.

එහිදී එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එළැඹෙන 12 වැනි දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට එවූ ලිපිය පිළිගන්නා බවත් අදාළ දිනයේ දී ඒ සඳහා පෙනී සිටීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කපිල චන්ද්‍රසේනගේ මරණයෙන් පැය 24ක් යන්නටත් කළින් මහින්දට කැඳවීමක් - මැයි 12 මහින්ද හිරේද?

කපිල චන්ද්‍රසේනගේ මරණයෙන් පැය 24ක් යන්නටත් කළින් මහින්දට කැඳවීමක් - මැයි 12 මහින්ද හිරේද?

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වුණි.

විමර්ශන අතරතුර අල්ලස් කොමිසමේ නිලධාරින් අධිකරණයට පැවසුවේ මෙම ගනුදෙනුවේදී තමන්ට ලද අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලින් රුපියල් මිලියන 20ක් එවක සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාටද, රුපියල් මිලියන 60ක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ලබාදුන් බව කපිල චන්ද්‍රසේන පැවසූ බවය.

"මාවත් එල්ලෙන්න පොළඹවනවා" - කපිල චන්ද්‍රසේන මියයන්න පෙර ලියූ දිවුරුම් ප්‍රකාශයෙන් හෙළිවන බරපතල අනාවරණය

"මාවත් එල්ලෙන්න පොළඹවනවා" - කපිල චන්ද්‍රසේන මියයන්න පෙර ලියූ දිවුරුම් ප්‍රකාශයෙන් හෙළිවන බරපතල අනාවරණය

නමුත් ඊට විරෝධය දැක්වූ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය සේවාදායකයාගෙන් තර්ජනය කර ප්‍රකාශ ලබාගෙන ඇති බවය.