රුවන්වැලි මහා සෑය අසල උපවාසයේ සිටින බලංගොඩ කස්සප හිමියන්ට හෙට කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට කැඳවීමක්
රුවන්වැලි මහා සෑය අසල උපවාසයක නිරතව සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට හෙට (13) කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දී තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් 17 වැනිදා විහාරමහාදේවී උද්‍යානයේ පැවති සත්‍යග්‍රහයක් අතරතුර පොලිස් නිලධාරීන් තමන්ට පහරදුන් බවට උන්වහන්සේ මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙනවා.
ඒ අනුව, ඊයේ (11) පෙරවරු 10ට කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස උන්වහන්සේට මීට පෙර දැනුම් දී තිබුණා.
උඩමලුව පොලිසිය හරහා මෙම දැනුම්දීම සිදුකර තිබුණත්, උන්වහන්සේ එදින ප්‍රකාශයක් ලබාදීමට පැමිණ තිබුණේ නැහැ.
ඒ අනුව හෙට (13) දිනයේදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස නැවත දැනුම් දීමට උඩමලුව පොලිසිය කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පවසා ඇත්තේ තමන් වහන්සේ කිසිදු අධිකරණ නියෝගයක් පිළිනොගන්නා බවයි.
එමෙන්ම, තමන් වහන්සේට නියෝග ලබාදිය හැක්කේ සංඝ අධිකරණයට පමණක් බවද උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.