විශේෂ පිරිසකට ඕස්ට්‍රේලියාවෙන් නොමිලේ ඉන්ධන..

Sri Lanka Australia Sri Lanka Fuel Crisis
By Sewvandhi Aug 08, 2022 07:58 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රටතුළ පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් සමුද්‍රීය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ඕස්ට්‍ර්ලියානු රජය විසින් ශ්‍රි ලංකා නාවික හමුදාවට හා ගුවන් හමුදාව වෙත නොමිළේ ඉන්ධන තොගයක් ප්‍රධාන කර ඇත. නාවික හමුදාවට මෙට්‍රික්ටෝන් 450 හා ගුවන් හමුදාව වෙත ඉන්ධන ලීටර් 27,000 ක් වශයෙන් මෙම ප්‍රධානයන් කර ඇති බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි

. රටතුළ පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් සමුද්‍රීය අපරාධ මැඩලීමේ ගුවන් මෙහෙයුම් හා නාවික හමුදා සිදුකරන මෙහෙයුම් තවදුරටත් බාධාවකින් තොරව සිදුකිරීම සදහා මෙම ඉන්ධන තොගය ප්‍රධාන කර ඇති බවද ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි. නීති විරෝධී සංක්‍රමනිකයන් විශාල වශයෙන් මුහුදු මගින් ඕස්ට්‍ර්ලියාව බලා පලා යාමේ සිද්ධීන් නිතර නිතර වාර්තා වන බවත්, ශ්‍රි ලංකා නාවික හමුදා නිරන්තරයෙන් සිදුකරන මෙහෙයුම් තුලින් පලායමින් සිටි එම නීති විරෝධී සක්‍රමනිකයන් රැසක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

ගුවන් හමුදා ජෙට් යානාද ඇතැම් මෙහෙයුම් සදහා දායකත්ව දක්වන බැවින් එය සැලකිල්ලට ගෙන මෙම ඉන්ධන තොගය ප්‍රධාන කර ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. ඕස්ට්‍ර්ලියානු නාවික හමුදා මෙම ඉන්ධන ඉන්දියාවෙන් මිළදී ගෙන මේ ආකාරයෙන් ශ්‍රි ලංකාවට ප්‍රධාන කර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now