සිංහල දෙමළ අලුත් අවුරුද්දේ සියලු නැකැත් වෙලාවන් මෙතනින් දැන ගන්න..

Sri Lanka Astrology
By Aruna Apr 14, 2023 12:30 AM GMT
Aruna

Aruna

Report

අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 14 වෙනි සිකුරාදා දින අපර භාග 02.59 ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.

පුණ්‍ය කාලය අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්ව භාග 08.35 එදින අපර භාග 09.23 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන සිකුරාදා දින පූර්ව භාග 08.35 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන සිකුරාදා දින අපර භාග 02.59 සිට අපර භාග 09.23 දක්වා කාලය තුළ පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකැත් චාරිත්‍ර ක්‍රම ඉටු කිරීම ද ඉතාමත් මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වෙනි සිකුරාදා අපර භාග 03.29 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා, දීකිරි මිශ්‍ර කිරිබතක් හා තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම ඉතාමත් මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වෙනි සිකුරාදා අපර භාග 05.05 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කිරීම ඉතාමත් මැනවි.

හිස තෙල් ගෑම

අප්‍රේල් මස 16 වෙනි ඉරිදා දින උදේ 09.41 ට රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත් ද පයට නුග පත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම ඉතාමත් මැනවි.

පැළ සිටුවීම

අප්‍රේල් මස 20 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 06.38 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි. රැකීරක්‍ෂා සඳහා පිටත්ව යෑම අප්‍රේල් මස 17 වන සඳුදා උදේ 06.28 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම ඉතාමත් මැනවි.

සැ.යු.:- ඉහත සඳහන් නැකැත් වේලාවන් සකස් කර ඇත්තේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අවුරුදු නැකැත් කමිටුව විසිනි.

(සියලුම වේලාවන් ශ්‍රී ලංකාවේ සම්මත ඔරලෝසු වේලාවෙනි)


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now