ආබාධිත රියදුරෙකුට මහමග දී පහර දීමක් - කාන්තාවක් වහාම ගැටුම මැදට පැන ඔහුව බේර ගනී.. (VIDEO)

By krishani Dec 02, 2022 11:42 PM GMT
Report

ත්‍රීරෝද රථ කුලී ගාස්තුව නොගෙවූ පුද්ගලයින් දෙදෙනකු විසින් රථයෙහි රියදුරුට පහර දී පලා යාමට උත්සාහ කළ පුවතක් ඊයේ (02) වාර්තා විය.

ඒ අදාළ ත්‍රීරෝද රිය මගීන් දෙදෙනෙකු සමග කොට්ටාවෙන් පිටත් ව තලවතුගොඩ ප්‍රදේශයට පැමිණ ඇත.

පසුව ඔවුන් බත්තරමුල්ලට රැගෙන යන ලෙස රියදුරුට දැනුම්දී ඇති අතර ඉන් අනතුරුව බත්තරමුල්ලට ද ගොස් යළිත් එතැනින් කොට්ටාවට ගොස් ඇත.

කොට්ටාවට ගිය ත්‍රීරෝද රථ රියදුරුට මගීන් පවසා ඇත්තේ තමන්ව තලවතුගොඩ සම්පත් බැංකුවට රැගෙන යන ලෙස ය.

ඒ අනුව මොවුන්ව රැගෙන තලවතුගොඩට පැමිණි රියදුරුට මගීන් දෙදෙනා විසින් පහර දී ත්‍රීරෝද රථ කුලී මුදල නොගෙවා පලා යාමට උත්සාහ කර ඇත.එම පහර කෑමට ලක්ව ඇත්තේ පාදයේ ආබාධිත තත්ත්වයෙන් පසුවන ත්‍රීරෝද රථ රියදුරෙකී.

සැකකරුවන් බීමත්ව සිටි බව ප්‍රදේශවාසීන් පැවසීය.කෙසේ වෙතත්  සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගත් අතර, තලංගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

විඩියෝ අයිතිය - හිරු TV