බසයට නැග්ග කතක් කොන්දොස්තරට එළියට වැටෙන්නම පයින් පහර දෙයි..

Accident
By Aruna Aug 16, 2022 12:17 AM GMT
Aruna

Aruna

Report

කොළඹ සිට මහනුවර බලා අද සවස ධාවනය වෙමින් තිබු බසයක ගමන් ගත් කාන්තාවක කොන්දොස්තරවරයාට එල්ල කළ පා පහරක් හේතුවෙන් බස් රථයෙන් එළියට විසිවී බිව වැටී තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි කඩවත පොලීසිය පවසයි.

මහනුවර බලා ධාවනය වෙමින් තිබු අදාල ලංගම බසයට කිරිබත්ගොඩ ප්‍රදේශයේ කාන්තාවක් ගොඩවී ඇති අතර ඇයට ප්‍රවේශපත්‍රයක් ලබාගන්නා ලෙසට කොන්දොස්තරවරයා දැනුම් දුන් අවස්ථාවේ අතින් සහ පයින් පහරදීම සිදු කොට ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම සිද්ධියත් සමග බසයේ සිටි පිරිසක් අදාල කාන්තාව අල්ලා කඩවත පොලිසියට බාරදී ඇත. මෙම කාන්තාව මානසික රෝගී තැනැත්තියක් බවත් 34 හැවිරිදි ඇය වසර කිහිපයක සිට වෛද්‍ය ප්‍රතිකාර ලබන බව පවුලේ සාමාජිකයින් පොලිසියට කියා ඇත.

එම කාන්තාව සහ කොන්දොස්තරවරයා රාගම රෝහලට ඇතුළත් කොට ඇති අතර කාන්තාව මානසික රෝග වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කඩවත පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මොහාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now