දරුවන්ගේ මානසික මට්ටම ගැන අගමැතිනියගෙන් විශේෂ හෙළිදරව්වක්

Report

දරුවන් තේරුම් ගැනීමට නම් ඔවුන්ගේ මානසික මට්ටමින් සිතීමට හුරුවිය යුතු අතර, දරුවන් සහ වැඩිහිටියන් අතර පරතරය අවම කර ගැනීමට මනා සන්නිවේදනයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ලෝක ළමා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයීය සුභ සාධක සංගමය විසින් සංවිධානය කළ ළමා දින සැමරුම් උත්සවයට අද (11) එක්වෙමින් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - මෙම කාර්යාලය හෙට දිනයේ වසා තැබේ

සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - මෙම කාර්යාලය හෙට දිනයේ වසා තැබේ

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ අපගේ ලෝකය වන දරුවන්ගේ අනාගතය යහපත් කිරීම වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම ඉටුකිරීම වැඩිහිටියන්ගේ වගකීම බවයි.

වර්තමාන දරුවන් වැඩිහිටියන්ට වඩා තාක්ෂණික දැනුමෙන් ඉහළ මට්ටමක පසුවන බැවින්, ඔවුන් සමඟ නිරන්තර සන්නිවේදනයක් පවත්වමින් පරතරය අවම කරගැනීමට කටයුතු කිරීම දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් හමුයේ ඇති ප්‍රධාන අභියෝගයක් බවද ඇය අවධාරණය කළාය.

දරුණු අනතුරක් - සංක්‍රමණිකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළේ 116ක් අතුරුදන්

දරුණු අනතුරක් - සංක්‍රමණිකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළේ 116ක් අතුරුදන්

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, අග්‍රාමාත්‍ය කාර්යාලයීය සුභ සාධක සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වත්සලා ආටිගල මහත්මිය ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන්, සුභ සාධක සංගමයේ සාමාජික සාමාජිකාවන් සහ දරුදැරියන් රැසක් සහභාගී වී සිටියහ.

GalleryGalleryGalleryGalleryGalleryGallery