හදිසි නිවේදනයක් - මේ ප්‍රදේශවල මුහුද රළු වේ අවදානම ගැන අනතුරු ඇගවීමක්
මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා රළු මුහුදු තත්ත්වයන් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (11) පස්වරු 5.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (12) පෙරවරු 1.00 දක්වා බලපැවැත්වෙනු ඇත. එම නිවේදනයට අනුව, අදාළ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී පැයට කිලෝමීටර 60-70 දක්වා වන තාවකාලික තද සුළං ඇති විය හැකි අතර, එමඟින් මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු වීමට ඉඩ ඇති බවද සඳහන් වේ.
එබැවින් අදාළ මුහුදු ප්‍රදේශවල නිරත වන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.